Jan 14, 2019

CISCO CCNA Certificate Sinhalese Guide

අපි පසුගිය ලිපියෙන් කතා කළා මොකද්ද මේ CISCO කියන්නේ කියල. පසුගිය ලිපිය මග හැරුනු කෙනෙක් ඉන්නවනම් මෙතනින් පිවිස එම ලිපිය කියවන්න පුළුවන්. ඒ වගේම පසුගිය ලිපියෙන් කිවුව මේ ලිපියෙන් CCNA Exam එක ගැන කතා කරනවා කියල. ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CCNA Exam එක ගැන මුලික විස්තර, කොහොමද exam එකට ලියාපදිංචි වෙන්නේ, කොපමණ මුදලක් යනවද සහ CCNA Exam එකට මුහණ දෙන්න බලාගෙන ඉන්න හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන විස්තර ටිකක්. ඔයත් පසුගිය ලිපිය කියෙව්ව කෙනෙක්නම් මතක ඇති ඔයාට මම කිව්වා  CCNA Exam එක කියන්නේ අපි හිතන තරම්ම පහසු exam එකක් නෙවෙයි කියල. ඒ වගේම මම කිව්වා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් A/L තරම්වත් අපහසු exam එකක් නෙවෙයි කියලා. තව එක කාරණයක් කිව්වොත්, CCNA කිව්වට අපි ඉදිරියට කතා කරන්නේ CCNA Routing & Switching වලට අදාල කාරනා විතරයි. මුල් ලිපිය කියෙව්වනම් මතක ඇතිනේ. ඔයාට CISCO පොරක් වෙන්න ඕනි නම් තව paths තියනවා කියල. එත් අපි කතා කරන්නේ R&S එහෙම නැත්තම් Routing and Switching ගැන. CCNA Exam ගැන සි‍ංහලෙන් දැනගනිමු.

අපි පසුගිය ලිපියෙන් කතා කළා මොකද්ද මේ CISCO කියන්නේ කියල. පසුගිය ලිපිය මග හැරුනු කෙනෙක් ඉන්නවනම් මෙතනින් පිවිස එම ලිපිය කියවන්න.

ඒ වගේම පසුගිය ලිපියෙන් කිවුව මේ ලිපියෙන් CCNA Exam එක ගැන කතා කරනවා කියල. ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CCNA Exam එක ගැන මුලික විස්තර, කොහොමද exam එකට ලියාපදිංචි වෙන්නේ, කොපමණ මුදලක් යනවද සහ CCNA Exam එකට මුහණ දෙන්න බලාගෙන ඉන්න හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන විස්තර ටිකක්.

ඔයත් පසුගිය ලිපිය කියෙව්ව කෙනෙක්නම් මතක ඇති ඔයාට මම කිව්වා  CCNA Exam එක කියන්නේ අපි හිතන තරම්ම පහසු exam එකක් නෙවෙයි කියල. ඒ වගේම මම කිව්වා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් A/L තරම්වත් අපහසු exam එකක් නෙවෙයි කියලා. තව එක කාරණයක් කිව්වොත්, CCNA කිව්වට අපි ඉදිරියට කතා කරන්නේ CCNA Routing & Switching වලට අදාල කාරනා විතරයි. මුල් ලිපිය කියෙව්වනම් මතක ඇතිනේ. ඔයාට CISCO පොරක් වෙන්න ඕනි නම් තව paths තියනවා කියල. එත් අපි කතා කරන්නේ R&S එහෙම නැත්තම් Routing and Switching ගැන.


1. ICND 1 (100 - 105)  සහ  ICND 2 (200 - 105) exam දෙක වෙන වෙනම.
2. Complete CCNA R&S (200 - 125) exam එක කරන එක.

ඔය දාල තියන අංක ගැන ඔයා කරදර වෙන්න එපා, ඒවා exam numbers විතරයි. මේකෙන් හොඳ ක්‍රමය මොකද්ද නරක ක්‍රමය මොකද්ද  කියල එකක් නැහැ. ඒක තීරණය වෙන්නේ තමන්ට exam එක කරන්න පුළුවන් විදිහ අනුව. පලවෙනි ක්‍රමේට යනවනම් ඔයාට exam එක steps දෙකකට කරන්න වෙනවා. Steps දෙකක් කියද්දී ඉතින් තේරෙනවනේ complete exam එක තරම් ICND 1 හෝ ICND 2 අමාරු නැහැ කියල. මම මේ  ක්‍රම දෙක ගැනම විස්තර මේ ලිපියෙන් ඉස්සරහට කියන්නම්. එතකොට ඔයාටම තීරණය කරන්න පුළුවන් ඔයාට ගැලපෙන ක්‍රමය මොකද්ද කියල.

CCNA ගැන හදුන්වාදෙන යූටියුබ් වීඩියෝවක්.


මුලින්ම මම සම්පුර්ණ CCNA course එකේ syllabus එක දෙන්නම්. මේ link එකෙන් ගිහින් ඔයාට CCNA R&S syllabus එක බලාගන්න පුළුවන් සහ මේ link එකෙන් ඔයාට syllabus එකේ pdf එක Download කරගන්න පුළුවන්. ඔයාට syllabus එක ගැන අවබෝදයක් තියනවනම් ඔයා තෝරාගන්න ඕනි මොන ක්‍රමයද කියල තීරණය කරන්න ඔයාට ලේසි වෙයි.

මුලින්ම පලවෙනි ක්‍රමය ගැන කතා කරන්නම්. ඒ කියන්නේ ඔයා complete exam එක කරන්නේ නැතුව ICND 1, ICND 2 steps දෙකකට කරලා CCNA certified පොරක් වෙන විදිහ ගැන මුලින්ම කතා කරන්නම්.

මෙතැනදී ඔයාට කියල තියනවා වගේ exam දෙකකට මුහුණ දෙන්න වෙනවා. ඒ exam දෙක මොනාද කියල දැන් ඔයාල දන්නවනෙ. ICND 1 සහ ICND 2 exam දෙකේදීම ඔයාට ලැබෙන්නේ ලියන paper විතරයි. කෙටියෙන්ම කියනවනම් ඔයාට practical කරන්න නැහැ. ලියන paper කිව්වට ඉතින් ලියන paper ම නෙවෙයි. click කරන paper කියල කියන්න පුළුවන්. මොකද මේ exam ඔයාට කරන්න වෙන්නේ online නිසා.


ඔයාට මේ ලැබෙන paper දෙකම MCQ paper. MCQ කියන එක ඉතින් දන්නේ නැති කෙනෙක් නැහැනෙ. හැබැයි අපි O/L වලදී  එහෙමත් නැත්තම් A/L වලදී ලියන MCQ paper වලට වඩා මේ paper ටිකක් වෙනස්. අපි A/L හෝ O/L කරද්දී තියන paper වල හරි උත්තර තියෙන්නේ එකනෙ. හැබැයි මේ paper වල හරි උත්තර එකකට වඩා තියනවා. එතකොට හරි උත්තර දෙකක් තියන ප්‍රශ්නෙක ඔය එක උත්තරයක් විතරක් mark කරලා තිබුනොත් ඔයාට ලැබෙන්නේ මුළු ලකුණෙන් භාගයයි.  අනිත් වැදගත්ම කාරණාව තමා අපිට O/L වලදී හරි A/L වලදී හරි උත්තරයක් වැරදුනාට ලකුණු අඩු උනේ නැහැනෙ. හැබැයි මේ exam වලදී ඔය හරි උත්තරයක් mark කලොත් ඔයාගේ ලකුණු අඩු වෙනවා. එකයි මම කලින් කිව්වේ මේ exam හිතන තරම් ලේසි නැහැ කියල. හැබැයි ඔය හොඳ කල්පනාවෙන් සිහියෙන් paper එක කරනවානම් subject එකනම් අමාරු නැහැ. තව මේ paper එකේ drag and drop ප්‍රශ්න එහෙමත් තියනවා.

ICND 1 සහ ICND 2 exam දෙකේදීම ඔයාට මේ ප්‍රශ්න කරන්න ලැබෙන්නේ මිනිත්තු 90යි. මේ විනාඩි 90 දී තමා ඉතින් දන්නා ඔක්කොම වැඩ කෑලි ටික දාල exam එක කරන්න තියෙන්නේ.  ICND 1 සහ ICND 2 exam වලදී cover වෙන topics පහල link වලින් ඔයාට download කරගෙන බලන්න පුළුවන්.


CISCO Learning Center එක කියන විදිහට ICND 1 වලදී  ඔයාට ප්‍රශ්න 45-55 අතර ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන් සහ  ICND 2 වලදී ඔයාට ප්‍රශ්න 55-65 අතර ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයාට මුළු ලකුණු ලැබෙන්නේ 1000 න්. ඔන්න දැන් තමා මම මේකේ භයානකම කොටස කියන්නේ. මේ paper එකේ pass mark එක වෙන්නේ 800-850ත් අතර අගයක්. සාමාන්‍යපෙළ උසස්පෙළ වගේ මේ paper වල A, B, C නැහැ. එක්කෝ pass. නැත්තම් fail. අන්න ඒක තමා ඉතින් පොඩ්ඩක් භයානක. මොකද 850න් pass කරන paper එකක ඔයා 849ක් ගත්තත් fail. ඒ කියන්නේ අයෙත් paper එක කරන්න වෙනවා ඔයාට. ඒකට අර මුළු exam fees එකම ගෙවන්නත් වෙනවා. අනිත් කාරණය 1000න් 850ක් ගන්නවා කියන්නේ ඔයා අනිවාර්යෙන්ම paper එක සුපිරියටම කරලා තියෙන්නම වෙනවා. එක නිසා තමා CISCO Certificate වලට මෙච්චර Demand එකක් තියෙන්නේ.

හරි, ඊළඟට ඔයා complete exam එක කරන්න බලාපොරොත්තු වෙනවනම් මම දැන් කියන්න හදන්නේ ඒ exam එක ගැන විස්තර. මේකෙදිත් paper එක ඔයාට හම්බවෙන්නේ උඩ paper විදිහටම තමා. MCQ paper එකක්. Drag and Drop ප්‍රශ්න එහෙමත් තියනවා. Cisco learning center එක කියන විදිහට මේ paper එකට ප්‍රශ්න 50-60ත් අතර ප්‍රමාණයක් එනවා. ඔයාට මේ paper එකටත් විනාඩි 90ක් ලැබෙනවා පිළිතුරු සපයන්න. මේකෙත් pass mark එක වෙන්නේ 800-850 ත් අතර අගයක්. මේ paper එකේ cover වෙන topics ටික උඩ link එකට ගිහින් ඔයාලට බලන්න පුළුවන්. මේ paper එකේදිත් ඔයා බැරි වෙලාවත් fail උනොත් අයෙමත් මුළු මුදලම ගෙවල නැවත කරන්න වෙනවා.

ඊළඟට ඔයාලට තියන ලොකුම ප්‍රශ්නේ තමා exam fees. CISCO certificate එක ගොඩක් වටිනවා වගේම CISCO ලගේ exam fees එකත් සාමන්යෙන් ටිකක් වැඩියි. මේකට හේතුව මම දන්නේ නැහැ. හැබැයි හරියට exam එක pass වෙන කෙනෙක්ට එයාගේ මුල්ම salary එකෙන්ම මේකට වියදම් කරපු මුළු මුදලම ආයෙ හම්බකරගන්නනම් පුළුවන්. මොකද CISCO certificate එක ඒ තරමටම වටිනවා. ඔයා පලවෙනි ක්‍රමේට exam එක කරනවානම් ඔයාට එක paper එකකට $165ක් ගෙවන්න ඕනි. ඒ කියන්නේ paper දෙකටම $330ක් වගේ ගානක්.ඒ කියන්නේ මේ දවස් වල ඩොලරයේ අගයේ හැටියට ආසන්න වශයෙන් ලංකාවේ මුදලින් රුපියල් 50,000 ක් වගේ වෙනවා. දැන් තේරෙනවනේ මේ exam එකේ තියන බරපතලකම.


ඔයා මොකක්ම හරි හේතුවක් නිසා fail උනොත් අයෙත් රුපියල් 50,000ක් විතර ගෙවන්න වෙනවා exam එක කරන්න. ඒ වගේම තමා ඉතින් ඔයා pass උනත්. ඒ මුදල වැඩිය දැනෙන්නේ නැති විදිහේ salary එකක් තියන job එකක් හොයාගන්න ඔයාට පුළුවන්. ඊළඟට ඔයා complete exam එක කරනවනම් $325ක් පමණ ගෙවන්න වෙනවා. කොහොමත් දෙකටම අසන්න වශයෙන් වියදම් වෙන්නේ එක සමාන මුදලක්.

හරි, ඔය කොහොම හරි මහන්සි වෙලා වැඩ කරලා exam එක pass වෙන CCNA පොරක් උනා කියල අපි හිතමු. එතකොට ඔයාට ලැබෙනවා CCNA certificate එකක්. මේ සහතිකයට වලංගු කාලයක තියනවා. මොකද CISCO නිතරම update වෙනවා. ඒකනිසා අනිවාර්යෙන්ම certificate එකත් update කරගන්න අපිට සිද්දවෙනවා. හරියට අපේ Driving license එක වගේ. CCNA certificate එක අවුරුදු තුනකට (3) වලංගුයි.

Exam එක online උනාට ඔයාට ගෙදර ඉඳන් paper එක ලියන්න බැහැ. ඔයා මුලින්ම exam එකට register වෙන්න ඕනි. ඊළඟට ඔයාට ලැබෙන දවසට ඔයාට ලංකාවේ exam center එකකට යන්න වෙනවා paper එක කරන්න.

හරි, දැන්නම් exam එක ගැන දැනගන්න ඕනි විස්තර ඔක්කොම වගේ කියල තියෙන්නේ. CCNA certificate එක ගොඩක් වටිනවා කියල මම කිව්වට ඇත්තටම  එක වටිනවද නැද්ද කියල අපිට තීරණය  වෙන්නේ CCNA certificate එකට ලැබෙන salary එක අනුවනේ. හැබැයි ඒක මම මේ ලිපින්නම් කියන්නේ නැහැ. මොකද ලැබෙන salary එක ඔය වැඩකරන company එක මොකද්ද කියන එක මතත් තීරණය වෙනවනේ. හොඳම වැඩේ තමා ඔය පොඩ්ඩක් Internet එකට ගිහින් හොයල බලන්න.

Certificate එකේ පෙනුම මෙලෙසයි 😍

                    එහෙනම් අදට මේ ලිපියෙන් මම කතා කරන්න හිතාගෙන හිටිය දේවල් ඔක්කොම මම කිව්වා කියල මම හිතනවා. අද ලිපියේ මොන හරි අඩුපාඩු තියෙන්න පුලවන්. කියවන ඔයා සමහරවිට මේ දේවල් ගැන හොඳට දන්නා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් අනිවාර්යෙන්ම ඒවා comment කරගෙන යන්න. එක මටත් ඉගන ගන්න ලොකු උදව්වක් වෙයි අනිවාර්යෙන්ම. හරි එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු.

Comments (20)

Loading... Logging you in...
  • Logged in as
Sachith Dilshan's avatar

Sachith Dilshan · 323 weeks ago

Thanks a lot .... brother
1 reply · active 114 weeks ago
SIRA SIRA CCNA KERUWA KIYALA JOB WALATA GNNE NA
Manoj nishan's avatar

Manoj nishan · 213 weeks ago

Network wela israta yanna onem OL Al pass wennama oneada
Area Master's avatar

Area Master · 320 weeks ago

CCNA R&S v5 / v6 academic course ake curriculum eka free menna >> https://www.widane.com/wfscl.html
mama kara no job
ccna and sequrity
dana yaluwekata wath hoda job ne
galle vta a kre
lakawe job ne godak
1 reply · active 320 weeks ago
Academic ekata witharak job hoyanna mahansi wenna oni. Industrial exam ekath karapan ethakota hari.
Janitha Sri Chiran's avatar

Janitha Sri Chiran · 325 weeks ago

Galle eun warella NVTI Niyagama 💖💖💖💖
CCNA certificate එකේ කාලය ඉවර වුනාම ආයි කරන්න ඕනෙද
2 replies · active 325 weeks ago
Yea bro
ow ow, ea handa field eke inna aya kiyanne meka Jiwithakaaletama exam ekak kiyalai. oya CCIE karot ea cert. eke valid kaale 3yrs walata wada adui.
Cisco , Microsoft, Juniper, Redhat okkoma cert. walata validity years ganak thiyenawa.
https://www.facebook.com/profile.php?id=100010569304520

මේක බ්ලොක් කරන්න කට්ටියට යවන්න.
Mm cisco ලාගේ network course එක එවර කල.මේ මාසෙ ඉදන් ccna කරන්න ඉන්නේ.අපිට කලින් course එක නිසා discount ekak hambuna.30% wage.mulu gana 47000 wage අලුත් කෙනෙක් කරනවනම් යන්නේ.රත්මාලානේ ලලිත් ඇතුලත්මුදලි එකෙන් මම කලේ.විස්තර දැනගන්න ඕනෙ නම් කියන්න
2 replies · active 327 weeks ago
podak kiyanna puluwanda aulak nathanm message ekak danawada 0777424605
Nuone rulz mge Fb name eka..
Msg ekak dapan
darshana arunasiri's avatar

darshana arunasiri · 328 weeks ago

very good post
Godak watina post ekak. thanks brother.
shan devinda's avatar

shan devinda · 329 weeks ago

"cyber sequrity" genath hedinwimak karanna puluwanda
Me Exam Eka karanna puluwan After A/l DA??
මේ වගේ වටින කරුණු කියලා දෙන එක ලොකු පිනක්.
Nipun thiwanka's avatar

Nipun thiwanka · 329 weeks ago

පට්ටම වටිනව thanks brither 😊

Post a new comment

Comments by