Nov 5, 2017

Core Temp - Showing CPU Core Temperature

පරිගණකය නොසිතන පරිදි රත් වෙනවද ?

ඔබ දන්නවාද ඔබගේ පරිගණකයේ මොලය තමයි ප්‍රොසෙසර් එක. ඉතින් අපි පරිගණකයෙන් සිදුකරන වැඩ ප්‍රමාණය අනුව

ප්‍රොසෙසරයේ ක්‍රියාකාරීත්වය බලපානවා. වැඩි ක්‍රියාකාරීත්වයකදී ප්‍රොසෙසරය ගොඩක් රත්වීමක් සිදුවෙනවා. සමහරවිට එය සෙල්සියස් අ‍ංශක 100 ඉක්මවන්නත් පුළුවන්. එහෙම වුනොත් ප්‍රොසෙසරයේ ආයුකාලය ඉතාමත් කෙටියි. සමාන්යයෙන් වෙළදපොලේ ප්‍රොසෙසරය අනෙකුත් Pc parts එක්ක බලද්දි ගාණත් වැඩියි. අනිත් එක අලුතෙන් ප්‍රොසෙසරයක් දානවිටදී සමහර පරිගණක වලට නැවත වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමක් සිදුකරන්නත් වෙනවා.

තින් ඔබට තේරෙනවා ඇති ප්‍රොසෙසරයේ උෂ්ණත්වය ගැන අවධානයෙන් සිටීමේ වැදගත්කම. පරිගණක ක්‍රීඩාවේ යෙදෙන අයට, ලැප්ටොප් පරිගණක බාවිතා කරන අයට මේ මෘදුකාංගය ගොඩක් වටිනවා. මොකද ඒ අයගේ පරිගණකය රත්වෙන එක අහන්න දෙයක් නෑ නේ 😛 මෙම මෘදුකාංගයේ නම තමයි Core Temp. මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්. බලන්න පහතින් ස්ක්‍රීන්ශොට් එකක්.

මෙය ඔයාලට පේනවා ඇති මෙය Dual Core ප්‍රොසෙසරයක විස්තර තමයි පෙන්වන්නේ. පහතින්ම Core දෙකේ උශ්ණත්වය පෙන්වනවා. සාමාන්යයෙන් සෙල්සියස් අ‍ංශක 45-50 ත් අතර හෝ ඊට අඩුවෙන් පෙන්වනවානම් තත්වය ගොඩාක්ම හොදයි.

සෙල්සියස් අ‍ංශක 60ට ඉහලින් තියෙනවානම් ඔබ ගොඩක් සැලකිල්ලෙක් යුතුව පරිගණකයේ වැඩ සිදු කරන්න වෙනවා. අමතර කූලින් ෆෑන් එකක් බාවිතා කිරීම, ගේම් Play කරනවානම් Play කරන කාලය අවම කිරීම, ප්‍රොසෙසරය ගොඩක් කල් බාවිතා කරපු එකක් නම් එයට තර්මල් පේස්ට් ටිකක් දාන්න. මොකද කාලයක් ගියාම තරමල් පේස්ට් ගල් වෙන නිසා. එතකොට උෂ්ණත්වය අඩුවෙයි.

මෙම Core Temp මෘදුකාංගයේ Temperature එක System Tray එකෙත් පෙන්වනවා.

මෙතනින් පිවිස මෘදුකාංගය බාගතකරගන්න.

Technical Details

  • Software Name : Core Temp
  • Size : 1.18MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.alcpu.com

Comments (13)

Loading... Logging you in...
  • Logged in as
Thanks... elama
mage lap eke tibune 7. machine eka slow nisa lagadi 8.1 gahuva. dan heat eka vadi. mkda ekata karanne??
3 replies · active 385 weeks ago
Lap eka gahapan polowe
8.1 ගැහුවා කියලා Heat එක වැඩි වෙන්න විදියක් නෑ harsha. වෙන හේතුවක් ඇති.
Pc eke performance monwada?
Uda commnt eka delete karapu eka modaya
https://www.youtube.com/channel/UCzRxfqikZX3YGoqm3EZWa5w
excellent..........****************
thanks a lot......aluth.com
Elama Aluth
Sirama Software ekak. me wage ewa apita digatama denna. thanks
පොඩි අව්ලක් තියෙනවා අර සෙල්ලියස් එක ගාවින් තියෙන INTERNET SPEED මීටරයක් තියෙන්නේ ඒක ගන්න ලින්ක් එකක් දෙන්නකො....
1 reply · active 391 weeks ago
Menna Download karaganna : http://www.aluth.com/2013/06/internet-check-software.html

Post a new comment

Comments by