Sep 17, 2017

Apple iPhone 8 & iPhone X Sinhala Review

අයිෆෝන් සහ අයිෆෝන් X ගැන දැනගමු.

ලෝකේ අ‍ංක එකේ වෙළද නාමයට හිමිකම් කියන ඇපල් සමාගමේ නවතම ස්මාර්ට් ෆෝන් දෙක වූ අයිෆෝන් 8 සහ අයිෆෝන් X පසුගියදා හදුන්වා දුන්නා. 

ඔබ මේ වනවිටත් මේ ගැන දන්නවා ඇති. නමුත් එහි ඔබ දැනගත යුතුම කරුණු අපි මෙම ලිපියෙන් ඔබවෙත ගෙන එනවා. මෙලෙස තම නවතම ස්මාර්ට් උපාංග දෙක හදුන්වාදීම පැවැත්වුනේ සැප්තැම්බර් 12 වනදා කැලිෆෝනියාවේ ස්ටීව් ජොබ්ස් රඟහලෙහි දී, ඒ අනුව, සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් (Tim Cook) විසින් සභාව අමතමින් iPhone 8 සහ iPhone X ලෙසින් දුරකථන මාදිලි දෙකක් හඳුන්වා දෙනු ලැබුවා.

ටිම් කුක් මහත්මයා පැවසූයේ “අපේ පරම අභිලාෂය හැමවිටම විශ්මයජනක සහ ජවසම්පන්න නිෂ්පාදන එළි දැක්වීමයි.” මෙම සජීවී අත්දැකීම බලන්න බැරිවුන අය සහ බැලීමට කැමති අය පහතින් බලන්න එහි විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝව.

Video by The Verge YouTube Channel

ඔන්න ඔය ආකාරයට අලුත්ම අයිෆෝන් 8 සහ අයිෆෝන් ‍X හදුන්වාදුන්නා. මෙහිදී මුලින්ම අපි අයිෆෝන් 8 ගැන කතා කරලා ඉමු. අයිෆෝන් 7 වලින් පසුව බොහෝ දෙනා  අයිෆෝන් 7S පැමිණෙනු ඇතැයි අපේක්ෂා කලත් පැමිණුනේ අෆිෆෝන් 8 ස්මාර්ට් උපා‍ංගයයි, 8 වලත් 8 Plus ලෙස ඩිස්ප්ලේ එක තරමක් විශාල ස්මාර්ට් ෆෝන් එකකුත් මොවුන් හදුන්වා දුන්නා.  අයිෆෝන් 8 එකේ 4.7" සහ Plus එකේ 5.5" ක් දිග ඩිස්ප්ලේ එකක් ඇතුලත් වෙනවා. බලන්න හදුන්වාදෙන නිල විඩියෝව පහතින්. 😍


iPhone 8 හි 12MP පසුපස කැමරාවක් ද, iPhone 8 Plus හි 12MP කැමරා දෙකක් ද තිබෙන අතර ඒ දෙකෙහිම ඉදිරිපස 7MP කැමරාවක් තිබෙනවා. ඉන් optical zooming මෙන්ම දහ ගුණයක විශාලනයක් ඡායාරූප සඳහාත්, 6 ගුණයක විශාලයක් වීඩියෝ සඳහාත් ලැබෙනවා.



Apple A11 Bionic ප්‍රොසෙසරයක් මේ දෙකෙහිම ඇති අතර, iPhone 8 එකේ රැම් එක 2GB දක්වාත්, iPhone 8 Plus රැම් එක 3GB දක්වාත් වර්ධනයකර තිබෙනවා. රැහැන් රහිතව බැටරිය ආරෝපණය කරන්න පුලුවන් ප්‍රථම ඇපල් අයිෆෝන් උපාංග දෙක මෙයයි.
රිදි පැහැය, space grey, New gold finish වර්ණ තුනෙන් පැමිණෙනවා. සැප්තැම්බර් 22 වෙළදපොලට පැමිණීමට නියමිත අතර Pre-order කිරීමට දැන් සිටම ඔබට අවස්තාව තිබෙනවා.
  • අයිෆෝන් 8 64GB එකක මිල ඇ.ඩො 699 ක් (රු.108,000)අයිෆෝන් 8 256GB එකක මිල ඇ.ඩො 849 ක් (රු.128,000)
  • අයිෆෝන් 8 Plus 64GB එකක මිල ඇ.ඩො 799 ක් (රු.120,000)අයිෆෝන් 8 Plus 256GB එකක මිල ඇ.ඩො 949 ක් (රු.143,000)

දැන් බලමු අයිෆෝන් ‍X එකේ මොනවද විශේෂ කරුණු.


අයිෆෝන් පරම්පරාවේ ලොකු වෙනසක් සිදු කිරීමට සමත් මෙම අයිෆෝන් X නැතිනම් අයිෆෝන් 10 බැලූ බැල්මට ඔබගේ සිත ඇදිලා යන පෙනුමකින් යුක්තයි. ඉදිරිපස මුහුණ පුරාවට ඩිස්ප්ලේ එකකින් වැසී පවතිනවා. සුපුරුදු Home Button එක මෙහි දක්නට ලැබෙන්නේ නෑ. 


මෙහි කීපැඩ් ලොක් එක ලෙස පැමිණෙන්නේ Face ID තාක්ෂණයයි. ඉදිරිපස ඇති අධෝරක්ත කැමරාව මුහුණ හඳුනාගනිමින් Unlock වේ, සමහරු හිතයි මෙයට අපගේ ෆොටෝ එකක් හරි වෙස් මුහුණක් හරි තිබ්බනම් ඕනේ කොරෙක්ට ලොක් එක අරින්න පුළුවන්නේ කියලා. නමුත් ඇපල් සමාගමනම් පවසන්නේ එලෙස Unlock නොවන බවත් ඉදිරිපස 7MP කැමරාවේ අධෝරක්ත කිරණ මගින් මුහුණේ ගැඹුර යනාදියද මැන බලන බවයි. 😮



පසුපස 12MP ද්විත්ව කැමරාව OIS හෙවත් අත හෙල්ලුනත් ස්ථාවර ඡායාරූප ලබාදෙන තාක්ෂණයෙන් යුක්තයි. ඒවගේම අලුතෙන් හදුන්වාදෙන Animation Emoji (Animoji) අපේ මුහුණේ අ‍ංග චලනයන් වලට අනුව වැඩ කරනවා. චැට් කරන අයට මෙය අලුත්ම අත්දැකීමක්.


Animoji
Simple Photo Light Editing
තත්පරයට ගණනය කිරීම් බිලියන 600ක් කළ හැකි අධි වේගවත් A11 Bionic ප්‍රොසෙසරය iPhone 7හි තිබූ A10 Fusion ප්‍රොසෙසරයටත් වඩා 25% ක් පමණ වේගවත් බවයි ඔවුන් පවසන්නේ. 3GB RAM එකත් පිටුපස 12MP කැමරා දෙකත් ඇතුලත් වෙනවා. iPhone 8 එකේ මෙන් X එකෙත් රැහැන් රහිතව බැටරිය ආරෝපණය කරන්න පුළුවන්. මෙහි ඇතුලත් වැඩකෑලි මැනවින් පෙන්වාදෙන අපුරූ වීඩියෝවක් බලන්න පහතින්.


 මෙම අයිෆෝන් X දුරකථනය මේ වසරේ අග භාගයේදී $999 කට (රු. 150,000) වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි. 😤

වැදගත් : ඉහත අප මිල ගණන් සදහන් කර තිබෙන්නේ රජයේ Tax එකතු කිරීමට පෙර මිලයි.

Comments (8)

Loading... Logging you in...
  • Logged in as
10 Reasons NOT To Buy iPhone X
Watch now... http://quamiller.com/8zJk
නලීන් 's avatar

නලීන් · 396 weeks ago

ඔන වැඩකට සුපිරි web browser එකක් Android phone එකට දාගන්න. කිසිම අැඩ් එකක් එන්නෙ නෑ. (ad blocking) සුපිරිම ස්පීඩ්. ඔන දෙයක් play වෙනවා. 1mb විතරයි. මෙන්න link එක http://j.gs/17706581/paid-apk
අයියේ, අපි ටයිප් කරන දේ සිංහල කට හඩකින් අවුට්පුට් දෙන සොෆ්ට්වෙයාර් එකක් හොයල දෙන්නකෝ.... plz....
3 replies · active 397 weeks ago
Google Translate App :)
Gboard app eken plwn
google translate puluwan
Ammo Mewee Ganan balahankooooo
Paaaaaaaattaaaaaaaaaa para para!!!!!!!!!!!!!!!!!!!!!!

Post a new comment

Comments by