ගොඩක් අයට වටිනා මෘදුකාංගයක් ලෙස මෙය අපිට හදුන්වන්න පුලුවන්. ඔයාගේ පරිගණකයේ තිබෙන ෆයිල් ෆෝමැට් වල ඇතුලත
තිබෙන දේ මේ මගින් අයිකන් එකක් ලෙස පෙන්වනවා. ඔබගේ වටිනා කාලය ඉතිරි කරගන්න මේක ගොඩක් වටිනවා. උදාහරණයක් ලෙස ඔබ ෆොටෝ එඩිට් කරන කෙනෙක් නම් .psd ෆයිල් ෆෝමැට් එකෙන් save කරන ඒවා ගොඩක් එකම ෆෝල්ඩරයක හෝ ඩෙස්ක්ටොප් එකේ තිබෙන්නට පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය ෆයිල් එක එහි නම මතකයේ තියාගන්නේ නැතුව open කරගන්න බෑ. ඒ නිසා මේ මෘදුකාංගය මගින් Preview කරලා පෙන්වන නිසා, File නම් මතක තියාගන්න ඕනේ නෑ. අවශ්‍ය ෆයිල් එක බලලා open කරගන්න පුළුවන්. හරිම ලේසියි.
Preview කිරීමට සහාය දක්වන ෆයිල් ෆෝමැට් වර්ග.
- .bmp
- .gif
- .jpg
- .pcx
- .png
- .psd
- .psp
- .tga
- .tiff
- .wbmp
- .xyz
මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න. (3.58 Mb)