ක්‍රියාකාරිත්වය විවිධාකාරය. එමනිසා පරිගණක මතකය වර්ගීකරණය කිරීම මගින් මෙය සරලව පැහැදිලි කරගැනීමට හැක. පරිගණක වර්ගිකරණයේදී මූලික වශයෙන් කොටස් 2 ක් යටතේ වර්ග කරනු ලබයි. ඒවානම්,
- ප්‍රාථමික මතකය (Primary Memory)
- ද්විතීයික මතකය (Secondary Memory)
ප්‍රාථමික මතකය තවත් කොටස් 3 කට බෙදා වර්ග කරනු ලබනවා. ඒවානම්,
1) සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory[RAM])
2) පඨන මාත්‍ර මතකය (Read Only Memory [ROM])
3) වාරක මතකය (Cache Memory)
ද්විතියික මතකයද කොටස් 3 ක් මගින් වර්ග කළ හැකිය. ඒවානම්.
1) චුම්භක මාධ්‍ය උපක්‍රම (Magnetic media devices)
2) ප්‍රකාශ මාධය උපක්‍රම (Optical media devices)
3) ඝනත්වයේ උපක්‍රම (Solid state devices)
- ප්‍රාථමික මතකය (Primary Memory)
පරිගණකයේ ප්‍රධාන මතකය හෙවත් මධ්‍ය සැකසුම් ඒකකයට කෙලින්ම ප්‍රවේශ විය හැකි මතකය ප්‍රාථමික මතකය ලෙස හදුන්වනු ලබයි. ඉහත හදුන්වා දුන් පරිදි ප්‍රාථමික මතකය කොටස් 3 කට බෙදා දැක්විය හැකි. දැන් එම කොටස් පහත පරිදි එකින්එක සලකා බලමු.
සසම්භාවී පිවිසුම් මතකය (Random Access Memory[RAM])
අප
විසින් හදුන්වන රැම් කාඩ් එක අයත් වන්නේ ප්‍රාථමික මතක ගණයටයි. සකස්
කිරීමට යොමු කරන තෙක් දත්ත තාවකාලිකව රදවා තබා ගැනීම මෙමගින් සිදුවේ. තවද
මෙහි මතකය රැදී තිබෙන්නේ පරිගණකයේ ක්‍රියාත්මක වෙමින් පවතින විට පමණි. එනම්
විදුලිය නැතිවූ විට මෙහි මතකය මැකී යයි. ඒබැවින් මෙය නෂ්‍ය මතකය ලෙසින්
හැදින්වේ. එසේම දත්ත ආදානය, තැන්පත් කිරීම, ප්‍රතිදානය කිරීම සදහා
ද්විතියික මතකය වෙත යොමු කරන්නේද සසම්භාවී පිවිසුම් මතකයයි.
පඨන මාත්‍ර මතකය (Read Only Memory [ROM])
මේවා
පරිගණක නිශ්පාදකයින් විසින් පරිගණක මවුපුවරුවේ සවි කොට ඇත. මේවා තුළ
පරිගණකයේ මූලික ක්‍රියාවලියට අයත් විධාන තැන්පත් කර ඇත.මේවා මූලික ආදාන
ප්‍රතිදාන පද්ධති (Basic Input Output System - BIOS) විධාන වේ. තවද මෙහි
විදුලි බලය නොමැති විටද දත්ත මැකීයාම සිදුවන්නේ නැත.එබැවින් මෙය නෂ්‍ය නොවන
මතකයක් ලෙස හදුන්වයි.
වාරක මතකය (Cache Memory)
මෙය
මධ්‍ය සැකසුම් ඒකක මතකය ලෙසද හදුන්වයි. ඉහත ඡායාරූපයෙන් පෙනි යන ආකාරයට
මධ්‍ය සැකසුම් ඒකකය සහ ප්‍රාථමික මතකය අතර අතරමැදියා ලෙස ක්‍රියාකරන්නේ
වාරක මතකයයි.
- ද්විතීයික මතකය (Secondary Memory)
දත්ත
හා තොරතුරු ස්ථිරවම තැන්පත් කරනු ලබන්නේ ද්විතීයික මතකය තුළයි.මේවා
පරිගණකයට ඇතුලතින් මෙන්ම පිටතින්ද සවි කිරීමට හැකි ද්විතීයික ආචයන උපාංග
ඇත. මේවායෙහි විදුලිය නොමැති විට දත්ත මැකී යන්නේ නැත. එබැවින් මෙයද නෂ්‍ය
නොවන මතකයකි.දැන් ඉහතින් සදහන් කළ ද්විතීයික මතක වර්ග පිළබද සලකා බලමු.
චුම්භක මාධ්‍ය උපක්‍රම (Magnetic media devices)
චුම්භක ආරෝපණයක් ඇති විම තුළින් දත්ත තැන්පත් කිරිම සිදුකරනු ලබයි. මේවාට උදාහරණ පහත පරිදි දැක්විය හැකිය.
චුම්භක මාධ්‍ය උපක්‍රම (Magnetic media devices)
චුම්භක ආරෝපණයක් ඇති විම තුළින් දත්ත තැන්පත් කිරිම සිදුකරනු ලබයි. මේවාට උදාහරණ පහත පරිදි දැක්විය හැකිය.
- දෘඩ තැටිය (Hard disk)
- චුම්භක පටිය (Magnetic tape)
ප්‍රකාශ මාධය උපක්‍රම (Optical media devices)
අපි සාමාන්‍යයෙන් හදුන්වන CD/DVD වැනි Digital තැටිවල ගබඩා කර ඇති ලේසර් කිරණ භාවිතයෙන් දත්ත කියවීම හෝ ලිවිම සිදුවන නිසා ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම ලෙස හදුන්වයි. මෙසේ දත්ත හෝ තොරතුරු හවමාරුව සදහා යොදාගන්න ප්‍රකාශ තැටි වර්ග කිපයක් පහත පරිදි දැක්විය හැකිය.
- සංයුක්ත තැටි (CD-ROM , CD-R , CD-RW)
- සංඛ්‍යාංක බහුවිධ තැටි (DVD-ROM , DVD-R , DVD-RW)
- බ්ලූරේ තැටි (Blue-ray R , Blue-ray RE , Blue-ray 3D)
ඝනත්වයේ උපක්‍රම (Solid state devices)
දත්ත හා තොරතුරු කියවීමට සහ ලිවීමට යොදාගන්නා මේවා එහා මෙහා ගමන් නොකරන අංගවලින් යුත්ත නිසා ඝන තත්ත්වයේ උපාංග ලෙස හැදින්වේ. මේවා සදහා උදාහරණ පහත පරිදි දැක්විය හැකිය.
1. USB ෆ්ලෑෂ් ධාවකය. (Pen Drive)
2. මතක කාඩ්පත්. (Memory Card)
මෙයද ෆ්ලෑෂ් ධාවකයට සමාන වුවත් මෙය එකවර
පරිගණකයට සම්බන්ධ කළ නොහැකිය. Card Reader වැනි උපාංගවලින් කෙලින්ම
පරිගණකයට සම්බන්ධ කළ හැකිය. තවද මේවා ජංගම දුරකතන, ඩිජිටල් කැමරා ආදියෙහි
සම්බන්ධ කළ හැකිය. SD කාඩ් වර්ග උදාහරණ ලෙස දැක්විය හැකි. ලැප්ටොප් පරිගණක වලදී කාඩ් slot සඳහා Direct සම්බන්ධ කලහැකි ලෙස නිපදවා ඇත.