Dec 25, 2016

Original Kickass Torrent Site is Back

http://www.aluth.com/2016/12/original-kickass-torrent-site-is-back.html
ඔරිජිනල් කික්ඈස් ටොරන්ට්ස් වෙබ් අඩවිය නැවත පැමිණෙයි.

මීට මාස කිහිපයකට ඉහතදී නවතා දමනු ලැබූ දුප්පතාගේ හිතවතා ලෙස ප්‍රකට නාමයක් හිමිකරගෙන සිටින ටොරන්ට් පවුලේ එක් ප්‍රධාන


සාමාජිකයෙකු වූ කික්ඈස් ටොරන්ට් එහි මුල් හිමිකරු වන Artem Vaulin යටතේ නැවත සම්පූර්ණ ක්‍රියාකාරීත්වයෙන් ආරම්භ කර තිබෙනවා. අනුමාන චෝදනා කරමින් එහි හිමිකරු Artem Vaulin පෝලන්තයේදී අත්අඩංගුවට ගැනීමත් සමග මෙහි ක්‍රියාකාරීත්වය අත්හිටවූ අතර අාදර්ශ (pirate-bay) වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ පමණක් විවිධ බාධකමැද පවත්වාගෙන ගිය නමුත් මතභේදයට තුඩුදුන් කතෘ අයිතිය සහිත දත්ත බොහොමයක් අතුරුදන් කර තිබුණි. වාර්තාවන ආකාරයට එහි කාර්ය මණ්ඩලයද එම අවස්ථාවේ ඉවත්ව ගිය නමුත් නව අාරම්භයත් සමග ඔවුන් නැවත සේවයට බඳවාගෙන ඇතැයිද වාර්තාවේ.


කෙසේ වෙතත් මෙම නව ඇරඹුමේදී ඔවුන් නීතියට අනුකූලව කටයුතු කරන බවත් කික්ඈස්හි පරණ දත්ත ගබඩාවම යළි පණගන්වන නමුත් කර්තෘ අයිතිය ඉල්ලන ෆයිල් ඉවත් කරන බවත් ඒ සඳහා ගූගල් සමාගම හා යූ-ටියුබ් පරීශිලකයින් වෙත දක්වා තිබෙන නීති හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කරනු ඇති බවත් වාර්තා කර තිබේ. මෙම ආරංචියත් සමග කික්ඈස් හි වටිනා දත්ත බාගැනීමට විශාල පිරිස් එක්වී ඇති අතර ඇතැම් විරල ෆයිල් අත්හිටුවන්නට පෙර බාගැනීමට පොරකන බවද විදෙස් වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.

එමෙන්ම කික්ඈස් නිල වෙබ් අඩවි ලිපිනය katcr.co ලෙස හඳුන්වාදී තිබෙනවා. පසුගිය දින කිහිපයේදී වෙබ් අඩවියේ තාක්ෂණික වැඩ කටයුතු සිදුකල අතර නිසි ආකාරයෙන් වැඩ නිම කලේ අද දිනයි. කලින් වෙබ් අඩ අඩවියට වඩා වෙනස් මුහුණතක් මුල් පිටුවට එක්කර ඇති අතර,  කලින් පෙනුම සහිත මුල් පිටුවට පිවිසීමට මේ ලිපිනයට https://katcr.co/new පිවිසෙන්න.



ඔන්න දැන් එහෙනම් අන්තර්ජාලයේ නිතර සැරි සරන ඩවුන්ලෝඩ් කරන අයට මේ පුවත සතුටු දායක කරුණක් වෙයි.


Comments (8)

Loading... Logging you in...
  • Logged in as
Your blog is amazing. I wish to visit again to your blog. Thanks for sharing.
Your blog is amazing. I wish to visit again to your blog. Thanks for sharing.
Woo Awesome information, thanks admin for sharing such a great post, its really great one. I have found here a good and super information.
මේකේ user account එකක් create කරන්න කියනවනේ.???
රණවක's avatar

රණවක · 436 weeks ago

සතුටු දායක ආරන්වියක්
නියමයි නියමයි .. 😆😆😆✌🙀🙀😀
මේක නොතිබුණානම් සමහර දේවල් අපට ජීවිතේට ගන්න ලැබෙන එකක් නෑ.
Elama wedak thami Film banawa den apahu B)
:) :) :)

Post a new comment

Comments by