සැම්සුන් සමාගමට මේදින වල ගෙවෙන්නේ බොහොම අපල කාලයක්. සැම්සුන් ගැලෙක්සි නෝට් 7 නිකුත් කිරීමත් සමඟ ලොවපුරා පැතිරී ගිය පුවත ඔයාලා
දන්නවානේ. බැටරියෙහි මතුවූ දෝශයක් හේතුවෙන් ස්මාර්ට්ෆෝන් කිහිපයක්ම පිපිරීමට ලක්වීම. ඒ පිළිබඳව අප ලිපි කිහිපයකින්ම ඔබව දැනුවත් කරා මතක ඇති. නවතම තත්වයනම් නව බැටරියක් ඇතුළත් කිරීමෙන් පසු පුද්ගලයෙක් ලබාගත් අලුත්ම Samsung Galaxy Note 7 ජංගම දුරකථනය ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් ගමනකදී පිපිරීමකට ලක්වීමයි.
මේ හේතුව නිසා Samsung සමාගම තීරණය කරලා තියෙනවා මින් පසුව Galaxy Note7 දුරකථනය නිෂ්පාදනය නොකිරීමට.