Sep 8, 2016

Introducing Apple iPhone 7

http://www.aluth.com/2016/09/introducing-apple-iphone-7.html
ඇපල් අයිෆෝන් 7 සහ 7 Plus නිකුත්වෙයි.
අලුත් ඇපල් ෆෝන් එකේ ඔබ දැනගතයුතුම කරුණු.

ඇපල් අයිෆෝන් වලට ආදරය කරන සියළුදෙනාට ඊයේ රාත්‍රිය ඉතාමත් විශේෂයි. 

ඒ මෙම වසරේ ඇපල් සමාගම විසින් නිකුත් කරන නව ස්මාර්ට් ජංගම දුරකතනය විශේෂ සජීවී වැඩ සටහනක් මගින් හදුන්වාදීමයි. බලන්න පහත වීඩියෝව.


මොනවද අලුතෙන් අයිෆොන් 7 හි ඇතුලත් වෙන්නේ ?
  • අයිෆොන් 7 Plus වලදී පිටුපස 12 Mp කැමරා දෙකක් ඇතුලත් අතර එකක් Telephoto කැමරා ලෙන්ස් එකකි. ඉදිරිපස සෙල්ෆි ගැනීමට 7 MP කැමරාවක්ද ඇතුලත් වෙනවා.  ඒ අනුව telephoto කැමරා ලෙන්ස් එක මාර්ගයෙන් 10x zoom කොට ඡායාරූප ඉතා පැහැදිලිව ලබාගත හැක. එමෙන්ම DSLR කැමරාවල පැමිණෙන පුද්ගල ඡායාරූප ගැනීමේදී පිටුපස බොඳ වන තාක්ෂණය පළමුවරට ජංගම දුරකතනයක් සඳහා හඳුන්වා දීමට ඇපල් සමාගමට හැකිව තිබේ.

  •   යිෆෝන් 6S වලට වඩා වැඩි කාලයක් පවතින බැටරිය.

  • රැහැන් රහිත AirPods 2ක් හදුන්වාදීම.
    ( මෙය ආරෝපණයෙන් පසු පැය 5 ක කාලයක් ක්‍රියාත්මක වේ )

මෙය ඇපල් අයිෆෝන් සඳහා අලුත් උපාංගයක් වූ අතර වීඩියෝවකින් හදුන්වාදුන්නේ මෙලෙසයි.



  • 3.5mm Audio Jack port එක අයිෆෝන් 7 සහ 7 Plus වලදී දක්නට නොලැබෙයි. Ear Phone සම්බන්ධ කරන්නේ Data Cable Port එකටමයි. ඒ සදහා විශේෂ Audio Cable එකක් හදුන්වාදී තිබෙනවා.


  • Four-Core ප්‍රොසෙසරයක් සහ A10 චිප් සෙට් එකක් අඩංගු වෙනවා. 6s වලට වඩා 40% ක් වේගවත්ය. තවද මෙහි විශේෂත්වය වන්නේ ඉතාම මෙය ක්‍රියාත්මක වීම සඳහා ඉතාම අඩු බැටරි බලයක් අවශ්‍ය වීමයි.
  • අයිෆෝන් 6s හි තිබු රෙටිනා HD තිරයේ දීප්තිය 25% වැඩිකොට තිබේ.
  • අයි ෆෝන් 7 හි ධාරිතාවය දෙගුණ කොට තිබේ. ඒ අනුව දැන් ඔබට අයි ෆෝන් 7 මිලදිගනු හැක්කේ 32gb, 128gb, 256gb යන ධාරිතා වලිනි.
  • නව අයි ෆෝන් 7 ජලයට හා දූවිල්ලට ඔරොත්තු දේ.
  • ඇපල් අයි ෆෝන් නව හෝම් බටනය දැන් Tapatic Engine එකක් සමග පැමිණේ. ඒ අනුව වෙනදාටත් වඩා වැඩි කාර්යන් කොටසක් සඳහා හෝම් බටනය සකසා ගත හැක.
අයෆෝන් 7 ලෝක වෙළඳපොල තුල $649 ක් ද iPhone 7 Plus $769 ලෙස ඇපල් වෙබ් අඩවිය විසින් දක්වා තිබෙනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ ඇපල් සමාගම විසින් නිර්මාණය කළ හොඳම සහ බලවත්ම ජංගම දුරකතනය ලෙස එම සමාගම නම් කරන්නේ මෙම නවතම iphone 7 සහ iphone 7 plus දුරකතනයන් දෙකයි.


Comments (6)

Loading... Logging you in...
  • Logged in as
Chañaka Gayashan danna magulak kiyawahn, apple lage processor samsung gahanna ne. A10 gahanneth apple.inc ekenma thama. apple ekak ubata ganna bari eka wenama deyak.
ela ela , patta phone eka kiyala kiwwata note 7 ekata wechcha dee unoth thama theeerenne
ko bn ganna ssaalli adhala naaaa:]
#Android hodai #Iphone hodaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiii...............
Monawada yako thawama Galyugayen Eliyata waren. Ahapan Online Radio :@
සාංචිආරච්චි 's avatar

සාංචිආරච්චි · 444 weeks ago

රේඩියෝ එක නැති කිසිම ෆෝන් එකක් එපා.

Post a new comment

Comments by